තනියම සිටියෙමි තනියම හැඩුවෙමි
තනියම සෙව්වෙමි තනිකම වින්දෙමි
තනියට ළඟ සිටි තනිකම නැතිවිය
ඇතිවිය කුහුලක් ඔබ දුටු විගසිනි
ඔබගේ ඒ රුව දුටුවිට දැනුනා
මුළු ලොවට වඩා ඔබ මිහිරියි කියල
නෙතු දහසක් මත ඔබ නෙතු දුටුවුට
මගේ නෙත් ඔබ ළඟ නතර උනා
ඔබ නෙතු තුල ඇති අවිහිංසක බව
හෙමින්සැරේ මට කතා කළා
රෝස කොපුල් තල පෙන්වපු සෙනෙහස
සිහිනෙන් වගේ කතා කළා
සිතෙවූ සිත්තම සිත්ගත් ඒ රුව
මගේ නෙත් ඉදිරියේ අද මැවුනා
ලොවම යටත් කළ මගෙ රළු හදවත
ඔබ ඉදිරියේ අද සලිත උනා
නැතිමුත් අවියක් ඔබේ ඔය නෙත් යුග
සවිමත් මගෙ සිත පැරදුවා
ඇතිවූ හැඟුමේ අරුමය නොදැනම
පැරදී පැරදී මම පෙම් කෙරුවා
එල එල.
ReplyDeleteහැබැයී බලාගෙන ඇස් දෙකට මහ හුගක් පෙම් කරන අය කරන්නේ බොරැවක්. ඒක මං අත්දැකීමෙන් දන්නේ.:D
නුබේ නෙතු ලග
ReplyDeleteතැනු මන්දිර
එක මොහොතින්
සුණු විසුනු කර
හොර රහසෙම
නුබ නික්මී ගියා...
යලි කිසි දීන
නුබ නේතැයි
සිතු මම
නුබට පෙම් කල
සිතත් අරගෙන
පිටගම් ගියා...
මගේ සිත
සසල වු දින
නුබේ ඔය සිත
ගල් වුනා
නුබ යලිත්
ම සොයනු දැන
මගේ නෙතුනම්
සීත කදුලින්
තෙත් වුනා...
@ බට්ටි :
ReplyDeleteඒ කතාව සහතික ඇත්ත . කෝකටත් බලමුකෝ.......
@ අසනී :
කඳුලින් තෙත් වූ සිතක තනිය මකන්නට රුවක් ඔබව සොයා ඒවි එතකං ඉවසනු මැනවී........
ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDelete