ලඟ නැතිබව ඇත්ත
දුර සිටින බවත් ඇත්ත
යලි නොඑන බවත් ඇත්ත
ඒත් දුක දැනෙන බව සගවන්න බැහැ
හමුවුනා අතීතයේ
එක්වුණා මොහොතකට
සැනසුනා හදමඩල
වෙන්කළා අද දවස
දුරතියා දකිනවිට
කඳුළු විත් දෙනයනට
සිබිනවා මගේ කොපුල
ඉතින් මා කුම කරන
ඔබේ එක සිනහවක
තිබුණි දිව ඔසු මඩල
කිතිකවයි පුංචි හිත
අහිමිවූ මගේ සඳ
පුංචි කල දැනඇදින
මිතුදමින් එක්වුණා
එදත් මෙන් අදත් ඔබ
අහිමි බව වැටහුනා
දුකක් නැත මගේ ළඟ
නැතත් ඔබ මගේ වී
ඇති නිසා තවකෙනෙක්
සනසන්න ඔබේ හද
සනසන්න ඔබේ හද
අද ඔබව දකින විට
සිතට සුසුමක් ආ විටෙක
යලිත් යමි පෙරකලට
සොයා මා සැනසීම
