Showing posts with label තේරුම නොදනිමි. Show all posts
Showing posts with label තේරුම නොදනිමි. Show all posts

Saturday, December 3, 2011

දෑසක් ඉදිරියේ සසළ උනා



තනියම සිටියෙමි තනියම හැඩුවෙමි
තනියම  සෙව්වෙමි තනිකම  වින්දෙමි

තනියට ළඟ සිටි තනිකම නැතිවිය 
ඇතිවිය කුහුලක් ඔබ දුටු විගසිනි 

ඔබගේ ඒ රුව දුටුවිට දැනුනා 
මුළු ලොවට වඩා ඔබ මිහිරියි කියල 

නෙතු  දහසක් මත ඔබ නෙතු දුටුවුට 
මගේ නෙත් ඔබ ළඟ නතර උනා 

ඔබ නෙතු තුල ඇති අවිහිංසක බව 
හෙමින්සැරේ මට කතා කළා 

රෝස කොපුල් තල පෙන්වපු සෙනෙහස 
සිහිනෙන් වගේ කතා කළා

සිතෙවූ සිත්තම සිත්ගත් ඒ රුව 
මගේ  නෙත් ඉදිරියේ අද මැවුනා 

ලොවම යටත් කළ මගෙ රළු හදවත 
ඔබ ඉදිරියේ අද සලිත උනා 

නැතිමුත් අවියක් ඔබේ ඔය නෙත් යුග 
  සවිමත් මගෙ සිත පැරදුවා

ඇතිවූ හැඟුමේ අරුමය නොදැනම 
පැරදී පැරදී මම පෙම් කෙරුවා