Thursday, December 1, 2011

අහිමිවිය සැනසීම



ලඟ නැතිබව ඇත්ත 
දුර සිටින බවත් ඇත්ත 
යලි නොඑන බවත් ඇත්ත
ඒත් දුක දැනෙන බව සගවන්න බැහැ 

හමුවුනා අතීතයේ 
එක්වුණා මොහොතකට
සැනසුනා හදමඩල
වෙන්කළා අද දවස 

දුරතියා දකිනවිට 
කඳුළු විත් දෙනයනට 
සිබිනවා මගේ කොපුල 
ඉතින් මා කුම කරන 

ඔබේ එක සිනහවක
තිබුණි දිව ඔසු මඩල 
කිතිකවයි පුංචි හිත 
අහිමිවූ මගේ සඳ
      
පුංචි කල දැනඇදින 
මිතුදමින් එක්වුණා 
එදත් මෙන් අදත් ඔබ 
අහිමි බව වැටහුනා

දුකක් නැත මගේ ළඟ 
නැතත් ඔබ මගේ වී 
ඇති  නිසා තවකෙනෙක්
සනසන්න ඔබේ හද 

අද ඔබව දකින විට 
සිතට සුසුමක් ආ විටෙක 
යලිත් යමි පෙරකලට 
සොයා මා සැනසීම

5 comments:

  1. ලස්සනයි....සැනසීම සොයා යන දිගු ගමනට සුබ පැතුම්..

    ReplyDelete
  2. මගේ Blog එකට පලවෙනි අදහස එක කරපු සයුරි හට නිතැතින්ම මම මගේ හර්දයාංගම ස්තුතිය පුද කරන්නෙමි . ඔයාගේ ඔය එක වචනයක් නිසා මට හොද අදිෂ්ටානයක් ලැබුනා . ඇත්තෙන්ම මම ඔබට ණයගැති වෙමි .

    ReplyDelete
  3. මටනම් හිතට වදින විදියට ලියලා තියනවා
    …ජය ! දිගටම ලියන්න

    ReplyDelete
  4. ඔබේ සද මා බවද
    ඔබේ හිත මා ලගද
    නොදත් හින්දම
    දුරත් නිම්නයේ
    තැනු කූඩුව
    බලා ඉගිලුනි
    නොදත් ආලය
    හැර දමා...

    ReplyDelete
  5. @ ලොකු ඡෝන් :- ඔයාට බොහෝම ස්තුතියි .

    @ අසනී :- ඒ පද පෙළ මාරු . බොහෝම ස්තුතියි .

    ඔය හැම වචනයක් වචනයක් ගානෙම මට දැනෙන්නේ අසීමිත අත්මශක්තියක් .

    ReplyDelete