Saturday, December 3, 2011

දෑසක් ඉදිරියේ සසළ උනා



තනියම සිටියෙමි තනියම හැඩුවෙමි
තනියම  සෙව්වෙමි තනිකම  වින්දෙමි

තනියට ළඟ සිටි තනිකම නැතිවිය 
ඇතිවිය කුහුලක් ඔබ දුටු විගසිනි 

ඔබගේ ඒ රුව දුටුවිට දැනුනා 
මුළු ලොවට වඩා ඔබ මිහිරියි කියල 

නෙතු  දහසක් මත ඔබ නෙතු දුටුවුට 
මගේ නෙත් ඔබ ළඟ නතර උනා 

ඔබ නෙතු තුල ඇති අවිහිංසක බව 
හෙමින්සැරේ මට කතා කළා 

රෝස කොපුල් තල පෙන්වපු සෙනෙහස 
සිහිනෙන් වගේ කතා කළා

සිතෙවූ සිත්තම සිත්ගත් ඒ රුව 
මගේ  නෙත් ඉදිරියේ අද මැවුනා 

ලොවම යටත් කළ මගෙ රළු හදවත 
ඔබ ඉදිරියේ අද සලිත උනා 

නැතිමුත් අවියක් ඔබේ ඔය නෙත් යුග 
  සවිමත් මගෙ සිත පැරදුවා

ඇතිවූ හැඟුමේ අරුමය නොදැනම 
පැරදී පැරදී මම පෙම් කෙරුවා

Thursday, December 1, 2011

අහිමිවිය සැනසීම



ලඟ නැතිබව ඇත්ත 
දුර සිටින බවත් ඇත්ත 
යලි නොඑන බවත් ඇත්ත
ඒත් දුක දැනෙන බව සගවන්න බැහැ 

හමුවුනා අතීතයේ 
එක්වුණා මොහොතකට
සැනසුනා හදමඩල
වෙන්කළා අද දවස 

දුරතියා දකිනවිට 
කඳුළු විත් දෙනයනට 
සිබිනවා මගේ කොපුල 
ඉතින් මා කුම කරන 

ඔබේ එක සිනහවක
තිබුණි දිව ඔසු මඩල 
කිතිකවයි පුංචි හිත 
අහිමිවූ මගේ සඳ
      
පුංචි කල දැනඇදින 
මිතුදමින් එක්වුණා 
එදත් මෙන් අදත් ඔබ 
අහිමි බව වැටහුනා

දුකක් නැත මගේ ළඟ 
නැතත් ඔබ මගේ වී 
ඇති  නිසා තවකෙනෙක්
සනසන්න ඔබේ හද 

අද ඔබව දකින විට 
සිතට සුසුමක් ආ විටෙක 
යලිත් යමි පෙරකලට 
සොයා මා සැනසීම

Monday, November 28, 2011

ජීවිතයක අයිතිය



 ඩොක්ටර් මට ප්‍රශ්ණයක්.

කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

(කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

කාන්තාව :- ඔව් ඩොක්ටර්.

දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.



දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?



මම මූනපොතේ ඉද්දි මම මේ දෙය දැක්ක . ඇත්තට මේ වගේ දේවල් අපේ රටෙත් ඕනෑතරම් වෙනවා . කවදාවත් කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ ජීවිතේ ගැන වගකියන . අපිට අපේ ජීවිතේ ගැන තියෙනේ බොහෝම පොඩි අයිතියක් විතරයි . අපි ඉපදුනෙත් අපි දැනගෙන නෙවෙයි , අපි කවදහරි මැරෙන්නෙත් දැනගෙන නෙවෙයි . අපිට දැනගෙන ජීවිතේ කරන්න පුළුවන් එකම දෙය මේ ජීවිතේ හරියට ජීවත් කරවන එක විතරයි 


ආයුභෝවන්



ඉතින් ඔබ සැමහට ආයුෂ බොහෝම ලැබෙන්න කියල ප්‍රථමයෙන්ම පතනවා . 2011 / 11 / 29 වන අද දින ආරම්භයත් සමගම මම මගේම කියා Blog එකකට අත ගසන්න සිතුවෙමි . ටික කලක සිට Blog කියවීමෙන් මගේම කියා Blog එකකට මම සිහින මැව්වෙමි . අද අය සපල කරගත්තෙමි . මගේ අරමුණනම් ජීවිතය දෙස නැවුම් අයුරකින් අර්ථකතනයක් දීමයි . නැවත ඔබව සාදරයෙන් පිලිගනිමි .